තවලම්පිටිය මහා විද්‍යාලය

සිසු නියමු අභිසෙස් 2024

WhatsAppImage2022-08-10at92904AM.jpeg
WhatsAppImage2022-08-10at92904AM.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පූජ්‍ය සෝමපුර සුධීර හිමි

2013 වස‍රේ ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම් ලද මෙම පාසලේ දැනට වසර 11ක් පමණ සේවය කරන මා හට පාසල දිනෙන් දින ලබන ජයග්‍රහණයන් දැකීම සතුටට කරුණකි.1-11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන අප පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. වරකාපොළ මීරිගම ප්‍රධාන මාර්ගයට යාබදව  සුන්දර පරිසරයක් තුළ පිහිටා ඇති ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට මනා පිටුවහලක් වේ. නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කරන මා හට මෙම පාසලේ සිසු දරු දැරියන්ගේ ජයග්‍රහණ දැකීම ඉමහත් සතුටක් වේ.අධ්‍යාපනික මෙන්ම ක්‍රීඩා සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අතර රටට වැඩදායි පුරවැසියන් බිහිකිරිම අප පාසලේ ප්‍රධාන අරමුණ වේ. 

පූජ්‍ය සෝමපුර සුධීර හිමි
නියෝජ්‍ය විදුහල්පති
බප/මිනු/තවලම්පිටිය මහා විද්‍යාලය , මීරිගම.