තවලම්පිටිය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සිසු නියමු අභිසෙස් 2024

WhatsAppImage2022-08-10at92904AM.jpeg
WhatsAppImage2022-08-10at92904AM.jpeg

මිරිගම සිට වරකාපොල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයෙහි පිහිටි තවලම්පිටිය මහා විද්‍යාලය දිගු ඉතිහාසයකට උරුමකම් දක්වයි. මීට දශක අටකට පමණ පෙර එවක ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය දැරූ මහාමාත්‍ය ඩී.එස්.සේනානායක මැතිදුන්ගේ නිජබිමට අයත් ප්‍රදේශයක් වීමත්, එවකට මීරිගම වරකාපොල දක්වා දිවෙන කරත්ත පාරක් පිහිටීමත් ඊට විශේෂත්වයි. හුදෙක් මිනිසුන් අතර තවලම්පිටිය ජනාදරයට පත්වූයේ තවලමේ නියුතු වූවන් තම කරත්ත ලිහා ගිමන් හල සුන්දර ස්ථානයක් වු නිසාවෙනි. ඒබැවින් එකල සිට තවලම්පිටිය නාමයෙන් ම ව්‍යවහර විය.

මෙම ප්‍රදේශයේ   ජීවත් වු ගැමියන් කුඹල් කර්මාන්තය, වේවැල් බට කූඩ විවීම, පෙදරේරු හා වඩු කර්මාන්තය ආදි ජිවන වෘත්තීන් ජීවනෝපාය ලෙස තෝරාගන්නට විය. ස්වභාව ධර්මයේ අපූර්ව නිමවුමක් වූ තවලම්පිටිය ප්‍රදේශය ක්‍රි.ව.1933 දි ඒ.ඩි.සේරම් මහතා බාලදක්ෂ කොළණියක් පිහිටුවීමට තෝරා ගන්නා ලදී. එම ස්ථානය වර්තමානයේදී ද බාලදක්ෂ ව්‍යාපාරයේ මහත් කීර්තියට පත් බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයකි. බාලදක්ෂ මධ්‍යස්ථානය ආරම්භ කළ පසු ඊට අනුබද්ධිත පාසලක් වශයෙන් මෙම පාසල් ආරම්භ වී ඇත. මුල දී  සිසුන් 14 දෙනෙකුගෙන් යුත් මෙම පාසලෙහි ඩී.එස්.අධිකාරි මහතා මුල් ගුරුතුමා ලෙස වැඩ භාරගෙන ඇත. 1944 වර්ෂයේදී සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා මුල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමත්, 1945 දි සිසුන් ප්‍රථම වතාවට රජයේ විභාගයට පෙනි සිටීමත් යන සිදුවීම තවලම්පිටිය ගම්මානයට නව අරුතක් හා නව ජීවයක් එක්කරන්නට විය.

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වු අතර ද, ඊට සාපේකෂව ගුරු මණ්ඩලය ද වර්ධනය විය. ග්‍රාමසේවා කොට්ඨාස 7කින් පමණ වන මෙම පාසලේ වර්තමානයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 231 ක් පමණ අධ්‍යාපනය ලබන අතර විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය 23කින් සමන්විත වේ.